ඇසේ සුද නිසා ඇතිවන අන්ධ භාවය වලක්වා ගන්න ඉපැරණි හෙළ ඔසුවක්

ඇසේ සුද නිසා ඇතිවන අන්ධ භාවය වලක්වා ගන්න ඉපැරණි හෙළ ඔසුවක් 

Image result for eyes sick

කරලා බලන්න ඔනම වයසේ කෙනෙකුට කල හැකිය 

අද සමාජයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන මෙම රෝගී තතවය නිසා දුක් විඳින විශාල පිරිසකගේ හිතසුව පිනිසයි මෙම හෙළ ඔසුව ඔබ වෙත ගෙන එන්නේ. දන්නා අයට මෙය කියාදී ඇස් දන්දුන්නා හා සමාන පුණ්ය කර්මයකට දායක වන්න. ෂෙයාර් කරන්නට අමතක කරන්න එපා.


තමාගේ රෝගයක් ගුණ වන්නට නම් තමා ප්රථමයෙන් ගුණවන්ත විය යුතුය. තමා පමණක් සුව වී අන් අයගේ නිරෝගී තාවයට කෙනෙක් අකුල් හෙලයි නම් යම් දිනක එවැනි අයට සොයාගැනීමට වත් නොහැකි රෝග වැළදෙනු ඇත. එසේම අපට යමෙක් යම් දෙයක් කියා දුන්නා නම් එය කියා පෑමට අපි පසුබට වන්නේ නම් ඒ අපගේ ගුණ මකු බවයි.

Image result for eyes sick
ඇසේ සුද නැමති රොග තත්වය ඇති වන්නේ ශරීරයේ සෙම විශ විම නිසය. මෙම තත්වය ශරීරයේ ඇති ඉතාම සංවේදී ඉන්ද්රය වන ඇසට ඉතා ඉක්මනින්ම බලපායි. මෙම තත්වයට හේතු වන්නේ අප ගන්නා ආහාරවල සහ පරිසරයේ ඇති විෂ ශරීර ගත වූ පසු ඒවා නිසායාකාරව ශරීරයෙන් බැහැර කිරීමට අපොහොසත් වීම නිසාය.


 අවසානයේ මෙම තත්වයටද හේතු වන්නේ අපගේ බහිශ‍‍රාවීය පද්ධතිය අකර්මණ්ය වීමයි. පෙර වෛද්යවරුන් කිසියම් බෙහෙතක් රෝගියෙකුට ලබාදීමට පෙර විරේක කිරීම සිදුකලේ මේ හේතුව නිසාය. කෙසේ නමුත් දැන් සියල්ල සිදුවී හමාරය. අපට ඇත්තේ මේ සිටින තැනින් ඉදිරියට යෑමට අවශ්ය පසුබිම සකස් කරගැනීමය.

ඇසේ සුද ඇති වීමට ඉහත කී සෙම විෂ වීමට අමතරව තමා විසින් පෙර කල කර්ම, හතලිස් ඇඳිරිය, වයසට යෑම නිසා ඇතිවන අන්ධ භාවය වැනි දේ හේතු විය හැකිය. කෙසේ නමුත් සියයට 50 කට වැඩි පිරිසකට මෙම තත්වයට හේතු වන්නේ සෙම විෂ වීම යි. එසේම අප මෙහිදී ඉදිරිපත් කරන ඖෂධය මේ මොනයම් හෝ හේතුවක් නිසා හෝ පෙනීමේ දුර්වල තාවයක් ඇති අයෙකුට වුවද පාවිච්චි කලාට අගුණයක් නැත. සියළු දෙනාටම මෙයින් සහනයක් වනු නිසැකය.

අවශ්ය ඖෂධ.

ලෙලි ගසා ගත් කරුංකා ගෙඩි කිහිපයක්.

සාදන ආකාරය.

හොඳින් පදම් වූ යකඩ කබලක් සොයාගන්න. ගෙවල් වල තියෙන පරණ තාච්චියක් වැනි දෙයක් සුදුසුයි. කබල රත්වෙන්නට තබා කරුංකා ගෙඩි කිහිපය එයට දමා ගිණිියම් වන තුරු සිටින්න. කරුංකා ගෙඩි ගිණියම් වූ පසු බිමට බා ගන්න. දැන් නිවෙන්නට තබා පසුව හොඳින් කුඩු කර ගන්න. මෙම කුඩු පිරිසිදු බෝතලයක දමා වසා තබන්න.

රාත‍‍රී නින්දට යන්නට පෙර කකුල් දෙක හොඳින් සෝදාගන්න. අප කලින් සාදාගත් කරුංකා අඟුරු තේ හැඳි භාගයක් පමණ ගෙන රෝගියාගේ සුද ඇත්තේ වම් ඇසේ නම් දකුණු කකුලේද. දකුණු ඇසේනම් වම් කකුලේ. මාපටැඟිල්ලේ මුලට තබා රෙදි කඩකින් බඳින්න. කකුල් දෙකේම මාපට ඇඟිලි වලට බැන්දාට වරදක් නැත. මෙය පසුදා උදෑසන වන තුරු තබා ගලවා දමන්න.



ඇසේ අතිවන සුදට කකුලට වෙදකම් කරන්නේ ඇයි දැයි කෙනෙකුට පැණයක් මතුවිය හැකිය. අසේ ඇති ස්නායු වලට සම්බන්ධ නිල කකුලේ මාපට ඇඟිලි තුඩු වල ඇත. එසේම වම් ඇස සම්බන්ධවන්නේ දකුණු කකුලේ මාපට ඇඟිල්ලත් සමගය. දකුණු ඇස සම්බන්ධ වන්නේ වම් කකුලේ මාපට ඇඟිල්ලත් සමගය. මේ ආකාරයට මාස තුනක් පමණ දින පතා රාත‍‍රියට මෙම සත්කාරය කරන්නග වෙනස ඔබටම දැනගත හැකිය.


මෙම ඉපැරණි ඔසුව මගින් කරන්නේ කකුලේ ඇති නිල හරහා ඇසේ පටල වෙත අඟුරු වල ඇති විෂ නසන සුළු ශක්තිය ගෙන යාමයි.

 එමගින් ඇසේ පටල වල ඇති විෂ නසා ඇස නීරෝගී මත් කිරීම මෙමගින් සිදුවේ.

Comments