මොකක්ද මේ වයිරස් එක

Image may contain: 1 person, closeup

චීනයේ හඳුනා නොගත් කොරෝනාවයිරසය සර්පයන් මගින් මිනිසාට අසාදනය වී ඇති බව මේ වන විට සමාජ ජාල මාධ්‍ය වල ප්‍රචාරණය වෙමින් පවතිනවා. කිහිප දෙනෙක් අසා තිබුනා මේ සම්බන්දව ලිපියක් හෝ සටහනක් ලියන්නේ නැද්ද කියා, දැනට පවතින තත්වය අනුව මේ ගැන අවසාන නිගමනයක් නොමැති කම නිසා සටහනක් ලියන්නේ නෑ නමුත් ඇතිව ඇති ගැටළුව සම්බන්දයෙන් පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා.

  • Image may contain: text

මොකක්ද මේ වයිරස් එක

2019-nCoV නමින් හඳුන්වන වයිරසය coronavirus (කොරෝනාවයිරස්) කාණ්ඩයට අයත් තවත් එක් වයිරසයක් බව හඳුනාගෙන තියනවා. ඔබ අසා ඇති SARS, MERS වයිරස අයත් වෙන්නෙත් මේ ගණයට. 2019-nCoV වයිසරය වඩා ලගින් නෑකම් දක්වන්නේ SARS වයිරසයට හා වව්ලන් අතර හමුවන වයිරස් වලට. මේවා ඔක්කොම ක්‍ෂීරපායින් හා කුරුල්ලන් යන සතුන්ට අසාදනය වන වයිරස් බව සොයාගෙන තිබෙනවා

* සමාජ ජාල වල පළවන මෙම පුවත සත්‍යයක්ද?

ඔව්.Medical Virology විද්‍යා සඟරාවේ ජනවාරි 22වන දින පළවූ පර්යේෂණ පත්‍රිකාවක් මගින් විද්‍යාඥයින් පිරිසක් මෙම නව වයිරසයේ රෝග වාහකයා බොහෝ දුරට සර්පයන් බව ප්‍රකාශ කර තිබෙනවා. එයින් Bungarus multicinctus යන කරවැල් විශේෂය හා චීන නාගයා (Naja atra) ප්‍රමුඛ වන බව ඔවුන් පවසනවා.

* ගැටළුව මොකක්ද?

පර්යේෂණ පත්‍රිකාව සර්පයන්ට ඇඟිල්ල දික් කරත්, අනෙක් පර්යේෂකයන් මේ සම්බන්දව චකිතයකින් පසුවෙනවා. එංගලන්තයේ Glassgow විශ්ව විද්‍යාලයේ වයිරස අධ්‍යයන විද්‍යාව (Virology) සම්බන්දව කටයුතු කරන මහාචාර්ය David Robertson පවසන්නේ අදාළ පත්‍රිකාවේ සර්පයන් නිසා මෙම වයිරසය මිනිසාට ආසාදනය වන බව නිගමනය කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. ඔහු වැඩි දුරටත් පවසන්නේ ක්‍ෂීරපායී ශරීර වලට අනුව හැඩගැසුණු වයිරස් උරගයන්ගේ ශරීර වලට අනුරූපව තම ජීනෝමය වෙනස් කරගැනීමට අව්රුදු ගණනාවක් යන බවයි. São Paulo විශ්ව විද්‍යාලයේ ආචාර්ය Paulo Eduardo Brandão ද පවසන්නේ ප්‍රමාණවත් සාක්ෂි ලබා දී නොමැති බැවින් සර්පයන් මගින් මෙම වයිරසය මිනිසාට ආසාදනය වූ බව කියවෙන නිගමනය පිළිගත නොහැකි බවයි. අදාළ පර්යේෂණය සිදුකල පිරිස වෙත යැවූ පණිවිඩ වලට තවම පිළිතුරක් නොලැබුන බවද ඔහු පවසනවා.

කුතුහලය නිසාම මෙම විද්‍යා පත්‍රිකාව සොයා කියවූ මා හටද එහි සර්පයන් සම්බන්දව ඇති නිගමනයන් සාක්ෂි රහිත හෝ ප්‍රමාණවත් නැති බව පෙනී ගියා. තවද මා හට පෞද්ගලිකව සිතෙන කරුණක් වන්නේ චීනයේ මිනිස් පරිභෝජනය සඳහා ගන්නා සත්ව විශේෂ සංඛ්‍යාව අධික වීමත් ,ඔවූන් වෙළද කුටි තුල ඉතා අපිරිසිදුව, එකිනෙකට ලඟින් හෝ එක ගොඩේ මරා දමා අළෙවි කිරීමට තිබෙන නිසා බහිශ්‍රාවීය ද්‍රව්‍ය, රුධිරය වැනි බැක්ටීරියා වර්ධනය වන සාධක මිශ්‍රව ඇති පරිසරයක වව්ලන්ගෙන් අදාළ සර්ප මාංශ වලට ආසාදනය හෝ මිශ්‍ර වූ බවයි.

No photo description available.චීනය පුරා පැතිරෙන කොරෝනා වෛරසය මිනිසුන්හට ආසාදනය වූයේ සර්පයන් මඟින්ද?

චීනයෙන් ආරම්භ වූ අභිරහස් කොරෝනා වෛරසය මිනිසුන්හට ආසාදනයවීම ඉහළ යත්ම, විද්‍යාඥයන් මෙම වෛරසය මුලින්ම මිනිසාකරා පැමිණියේ කුමන සත්වයාගේ සිටදැයි හඳුනා ගැනීමට යුහුසුළු වූවා. ජනවාරි 22 රාත්‍රියේ ප්‍රකාශයට පත් කළ මතභේදාත්මක අධ්‍යයනයක දී චීනයේ පර්යේෂකයන් කණ්ඩායමක් කියා සිටියේ වෛරසය මිනිසාවෙත පැමිණි අභිරහස් සත්වයා තමන් සොයා ගෙන ඇති බවයි, එනම් අදාල සත්වයා සර්පයෙක්!

නමුත් වෙනත් විද්‍යාඥයින් පවසන්නේ මෙම වසංගත තත්වය පිටුපස ඇති වෛරසය; ක්ෂීරපායින් හා පක්ෂීන් හැර වෙනත් සත්ව විශේෂවලට ආසාදනය විය හැකි බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවයි. එක්සත් රාජධානියේ Glasgow විශ්ව විද්‍යාලයේ වෛරසවේදය පිලිබඳ විශේෂඥයෙක්වන ඩේවිඩ් රොබට්සන් පැවසුවේ මේ සඳහා සර්පයන් සම්බන්ධ බවට පිලිගතහැකි කිසිඳු සාක්ෂියක් මෙතෙක් හමුවී නැති බවයි.

මෙම වසංගත තත්වයට වගකිව යුතු රෝග කාරකය අයත් වන්නේ කොරෝනා වයිරස්(Corona virus) නම් විශාල වෛරස පවුලකට වන අතර එයට උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය (SARS/සාස්) සහ මැද පෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය (MERS) ඇති කරන දරුණු වෛරස් මෙන්ම සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව පිටුපස සිටින වෛරසද ඇතුළත් වේ. නවතම වෛරසය 2019-nCoV ලෙස නම්කොට තිබේ. එය SARS හා වවුලන් තුළ සංසරණය වන වෛරස් සමඟ වඩාත් සමීපව සම්බන්ධ වෙනවා. බොහෝ විද්‍යාඥයන් සැක කරන්නේ 2019-nCoV වෛරසය රැගෙන යන නාඳුනන සතෙකු, වුහාන් හි(Wuhan) සජීවී මුහුදු ආහාර සහ වන සත්ව වෙළඳපොලේ දී(Live seafood and wild animal market) මිනිසුහන්ට අදාල වෛරසය ආසාදනය කිරීමට දායක වී ඇති බවයි.
රොබට්සන් පවසන්නේ “අතරමැදි ධාරකයා”, එසේත් නැතිනම් “මිනිසුන්හට මෙම වෛරසය පැතිරවීමට දායක වූ අභිරහස් සත්වයා” යනු මෙම ප්‍රහේලිකාවෙහි අප පිලිතුරු සොයාගතයුතු කොටස වන බවයි.

No photo description available.බීජිං හි පීකිං විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා මධ්‍යස්ථානයේ මූලික වෛද්‍ය විද්‍යා පාසලේ ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙකු වන Wei Jiගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් 2019-nCoV වෛරසය, සාමාන්‍යෙන් හමුනොවන ජීවී සත්ව ධාරකයෙකුහට ඇතුලුවීමට අනුවර්තනය වී ඇති දැයි සෙවීය.

බොහෝ ඇමයිනෝ අම්ල කේතනය වී ඇත්තේ කෝඩෝන මගිනි. වෛරස් අනුවර්තනය වන එක් ක්‍රමයක් නම් ප්‍රෝටීන කේතනය කිරීම, ඔවුන්ගේ ධාරකයාගේ කෝඩෝන ආකාරයෙන්ම සිදුකිරීමෙනි. Weiගේ කණ්ඩායම 2019-nCoV වෛරසයෙහි කෝඩෝන වවුලන්, කුකුළන්, මිනිසුන් සහ සර්පයන් ඇතුළු සත්වයන් සමඟ සංසන්දනය කර බැලුවා.

අදාල පර්‍යේෂණ කණ්ඩායම වාර්තා කළේ 2019-nCoV හි කෝඩෝන තේරීම සර්පයන් දෙදෙනෙකු විසින් භාවිතා කරන ලද ඒවාට වඩා බොහෝ සෙයින් සමාන බවයි. Bungarus multicinctus නම් කරවැල් විශේෂය සහ Naja atra (චීන නාගයා) ඒ සර්පයන් දෙදෙනායි. මෙම සර්පයන් Wuhan මුහුදු ආහාර හා සත්ව වෙළඳපොලේ අලෙවි කළ බව පර්යේෂකයෝ පවසනවා. ජනවාරි 22 දින, Journal of Medical Virologyහි අදාල සොයාගැනීම් පලකරමින් ඔවුන් ප්‍රකාශ කරන්නේ මෙම කොරෝනා වෛරසය මිනිසාහට ආසාදනය වූ අභිරහස් ධාරකයා මෙම සර්පයන් විය හැකි බවයි.
නමුත් රොබට්සන් පවසන්නේ මෙය ඉතා දීර්ඝකාලයක් ගතවන ක්‍රියාවලියක් බැවින් අදාල ධාරකයා සර්පයෙකු වීමට අවම හැකියාවක් ඇති බවයි

São Paulo විශ්ව විද්‍යාලයේ වෛරසවේදය පිලිබඳ විශේෂඥයෙක්වන Paulo Edua.rdo Brandão පවසන පරිදි මෙම නව කොරෝනා වෛරසය සර්පයන්ට ආසාදනය විය හැකි බවට කිසිඳු සාක්ෂියක් නැහැ. ඔහු පවසන්නේ ක්ෂීරපායීන් සහ පක්ෂීන් යන ධරකයන් හැරුණුකල වෙනත් ධාරකයන් තුළ කොරෝනා වෛරසය තිබූබවට කිසිඳු ස්ථිර සාක්ෂි නොමැති බවයි.
වැඩිදුර ක්ෂේත්‍ර හා රසායනාගාර පර්‍යේෂණ නොමැතිව 2019-nCoV වෛරසයෙහි ධාරකයා හෝ ධාරකයන් හඳුනාගත නොහැකි බව බොහෝ පර්යේෂකයන් පවසනවා. Wuhan වෙළඳපොලෙහි සතුන් හෝ ඔවුන් සිටි කූඩු සහ බහාලුම් වැනි ප්‍රභවයන්ගේ ජානමය පරීක්ෂණ මගින් හෝඩුවාවන් ලැබෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා.

ක්ෂීරපායියෙකු බොහෝ දුරට ධාරකයා වියහැකිබව ෂැංහයි හි Pasteur Instituteහි වෛරසවේදය පිලිබඳ විශේෂඥයෙක්වන Cui Jie පවසනවා. Cui Jie යනු 2017 දී නිරිතදිග චීනයේ යුනාන් පළාතේ ගුහාවක සිට වවුලන් තුළ SARS ආශ්‍රිත වෛරස් හඳුනාගත් කණ්ඩායමේ සිටි සාමාජිකයෙකි. SARS සහ 2019- nCoV යනු බීටාකෝරෝනා වයිරස්(Betacorona viruse) ලෙස හඳුන්වන වෛරස් උප කොටසකි. 2002-03 SARS වසංගතයෙන්පසු ක්ෂේත්‍ර කටයුතු වලදී එවැනි වෛරස් සොයාගෙන ඇත්තේ ක්ෂීරපායින් තුළ පමණක් බව Cui Jie පවසනවා. එබැවින් පැහැදිලිවම මෙම 2019-nCoV යනුද ක්ෂීරපායී වෛරසයක් බවත් ඊට සර්පයන්ගේ සම්බන්ධයක් නැතැයිද ඔහු පවස්නවා.

හෙල ආර්ට් RN2020 අප සමග රැදී සිටින්න 

ස්තූතියි

Comments