කොරෝනා හැදෙන්න කලින් බේරෙන්නේ මෙහෙමයි

අද වෙනකොට මුළු ලෝකයම කතා කරන දෙයක් තමයි ඉක්මණින් ලෝකය පුරා පැතිරීගෙන යන කොරෝනා කියන්නේ.

ඉතින් මේ ගැටලුවෙන් බේරෙන්නනම් මිනිසුන් හැටියට අපිත් යම් යම් කරනා ගැන දැනුවත් වෙන්න ඕනේ.අද අපි ඔබව දැනුවත් කරන්න යන්නේ කොරෝනා වෛරසය හා සටන් කිරීමට දේශීය ප්‍රතිකාර මඟින් අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගන්නේ කොහොමද කියලා පාරම්පරික වෛද්‍ය කෞශල්‍යා වහලතන්ත්‍රිගේ මහත්මිය විසින් සදහන් කරනු කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්න ඔබත් මේ ගැන දැනගන්න පහත ලිපිය කියවන්න.

කොරෝනා” පසුගිය වසරෙහි අවසානය තෙක් ලොව සුපලිත බීර වර්ගයක් ලෙස කියවූ නමකි. එහෙත් අද වන විට එනම් 2020 වසර ආරම්භ වුයේ එම නාමය සහමුලින්ම වෙනස් කරමින්‍ ය. මිනිසුන් පිනා යාමට භාවිතා කල වචනයම අද ඇසූ මතින් සලිත වී යන බියකරු වදනක් වී හමාරය.


මුලින්ම මෙම වෛරසය බෝ වීමේ මූලාශ්‍රය ලෙස හඳුනා නොගත් මුහුදු ජීවීන් නිසා බව අනුමාන කල අතර පසුව එම අනුමානය නාගයින් වෙත යොමු වී අවසානයේ එය වවුලාගෙන් බෝ වූ වෛරසයක් ලෙස හැඳින්වීමට පටන්ගෙන ඇත්තේය. රෝග මූලය කුමක් හෝ වේවා එය දැන් වසංගතයක් වී හමාරය.

 කල යුත්තේ එයට විසඳුමක් සෙවීමයි.රෝගයේ රෝග ලක්ෂණ ගැන නැවත කීමට අවශ්‍ය නොවේ. දැන් බොහෝ දෙනා ඒ පිළිබඳ දැනුවත්‍ ය.රෝග ලක්ෂණ අනුව මෙය මානව ශ්වසන පද්ධතිය හරහා රුධිර සංසරණ පද්ධතිය වෙත ගමන් කරන්නක් බව නිගමනය කල හැකිය.

 එසේම එම වෛරසය කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා දින 14 ක් පමණ සිරුරේ රැඳී තිබීම නිසාම රෝගය සියල් ශරීරයම ආක්‍රමණය කර අවසන් වන තුරුම ඒ පිළිබඳ දැනුවත් නොවීම අවදානම් තත්වයකි.

 එසේම වෛරසයක් නිසාවෙන් කල හැක්කේ ශරීරයට එම වෛරසය සඳහා ප්‍රතිදේහ නිපදවීමේ ක්‍රියාවලියට ඉඩදීමය. එසඳහා රුධිර සංසරණ පද්ධතියේ නිරෝගීභාවය මෙහිදී ඉතා වැදගත්‍ වන්නේය.රෝගයෙන් වැළකීම සඳහා බොහෝ සෞඛ්‍ය උපදෙස් ඇතිමුත් ඇතැම් ඒවා පිළිපැදීම සැබැවින්ම අසීරුය. 

උදාහරණයක් ලෙස මහජනයා ගැවසෙන ස්ථාන වලින් හැකිතාක් ඈත් වන්නට යයි සෞඛ්‍ය බලධාරීන් පවසයි. එහෙත් එසේ කළ හැක්කේ නිකරුණේ ගැවසෙන්නෙකුට පමණි. තම රාජකාරිය උදෙසා යන නිළධාරීන් සේවකයන් ආදී අයට එම උපදෙස ප්‍රායෝගික නොවන්නේ ය.දේශීය දැනුම් පද්ධතිය බිඳ වැටී එහි මලගමට සූදානම් වන වත්මනෙහි මෙවන් ව්‍යසනයන් සඳහා එක්වරම දේශීය චිකිත්සාවන් සෙවීම ලෙහෙසියකට කළ නොහැක්කේ ය. චීනය වැනි පෙරදිග රටවල් ස්වකීය දැනුම් පද්ධතිය අතහැර දමා බටහිරකරණයට ලක් වූ වේගය ඔවුන් අවසානයේ ඇද දැමුවේ ලෙහෙසි පහසු අගාධයකට නම් නොවේ.

 එහෙත් ශ්‍රී ලාංකීය අපට තවමත් කුඩාවට හෝ අවස්ථාවක් ඇත්තේ ය. කෙසේ හෝ කළ යුත්තේ වෛරසයට අප ශරීරය ආක්‍රමණය කිරීමට ඉඩ නොදීමයි. ඒ සඳහා අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තිබීම ඉතා වැදගත් ය. ඒ සඳහා අප කල්පනාකාරීව යමක් මේ මොහොතේ කළ යුතුය.


උණ නොවේ නම් ශරීරයේ ප්‍රකෘති උෂ්ණත්වය ඉහල යාම මෙම කොරෝනා වෛරසයේ එක් ලක්ෂණයක් වන්නේ ය. මෙහිදී සිහිතබා ගතයුතු එකම කරුණ නම් එසේ රෝග ලක්ෂණයක් ලෙස උණ වැලඳුනහොත් එම උෂ්ණත්වය එක් වරම පහළ දැමීම නොකල යුතුය. එවිට වෛරසය ශරීරය තුළ සැඟවී යාමේ අවධානමක් ඇත්තේ ය.

 උණට පිළියම් කිරීමට පෙර වෛරසය මැඩ හෙලීමට කටයුතු කිරීම වැදගත් ය. මෙහිදී උණ යනු රෝග ලක්ෂණයක් මිස රෝගය නොවේ. කෙලින්ම උණට පිළියම් කළ යුත්තේ උණ රෝගයක් ලෙස වැලඳුනහොත් මිස රෝග ලක්ෂණයක් ලෙස වැලඳුන විට නොවේ. දේශීය චිකිත්සා නියමය එයයි.

මුඛාවරණ පැළදීම ප්‍රමාණවත් නොවේ. ඔබ ජනාකීර්ණ පෙදෙසක සිට පැමිණියේ නම් ඔබගේ ශ්වසන පද්ධතිය පිරිසිදු කර ගන්න. ඒ සඳහා,

  • මොණරකුඩුම්බිය හෝ කුප්පමේනියා පොල්කටු අඟුරෙන් දුම් ආඝ්‍රාහණය කිරීම.
  • වදකහ, කොහොඹ කොළ පොල්ක
  • ටු අඟුරෙන් දුම් ආඝ්‍රාහණය
  • මේවා නොවේ නම් සාම්බ්‍රානි හෝ අෂ්ඨ ධූපය බෙහෙත් බඩු කඩයකින් ගෙනගොස් ආඝ්‍රාහණය කිරීම ඔබගේ නිවසට දුම් ඇල්ලීම සිදු කරන්න.

ඔබ පිටත පරිසරයට නිරාවරණය විමේදී ඔබේ දෑස ගැන අවධානය මෙවන් මොහොතක වැදගත්‍ ය. එබැවින් පිටතට ගොස් පැමිණි විටෙක එළුකිරි සවල්පයකින් දෑස් සේදීම හෝ වෙනිවැල්ගැට තැම්බූ වතුරින් ඇස් හා මුහුණ සේදීම යහපත් ය.


හැකි නම් ඔබ පිටතට යනවිට ඔබගේ නිරාවරණය වී ඇති මුහුණේ කොටස් වලට ස්වල්ප වශයෙන් හෝ සුදු හදුන් තෙල් ආලේප කර යන්න.

 නොවේ නම් සියුම් ලෙස ගලගෑ සුදු හදුන් කල්කය ඉතා තුනී ලෙස නිරාවරිත ප්‍රදේශයන්හි ආලේප කරන්න.
ස්වාභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් එල්ල වීමේ අවදානම් අඩු කිරීම උදෙසා…

නිවසේ පිසූ ආහාර පමණක් හැකි සෑම විටම ආහාරයට ගන්න.
මස් මාංශ ආහාරයට ගැනීම හැකිතාක් අවම කරන්න. ආහාරයට එක් කර ගත්තද දීර්ඝ පිසීමේ ක්‍රියාවලියකට යටත් වූ මාංශ මිස මිනිත්තු ගණනකින් පිසින ලද මස් මාංශ භාවිතය සම්පූර්ණයෙන්ම නවත්වන්න.


ශීතකල ආහාරපාන වර්ග භාවිතය අවදානම් බව ද සිහිතබා ගන්න.


උදෑසන පිටිකිරි බීම නවතා අමු කුරුඳු කොළ දෙකක් තැම්බූ වතුරින් සාමාන්‍ය කහට තේ කෝප්පයක් බොන්න.
එළකිරි බීමද සෙම් කෝප කරන්නකි. එයද මෙවන් මොහොතක අවධානම් බව හා විශේෂයෙන් ශීත කළ එළකිරි හා ඒ ආශ්‍රිත නිශ්පාදන මේ මොහොතේ අගුණ බව දැනගන්න.
එළුකිරි ඉතාමත් හොඳ ස්වාභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්නාවූ පානයකි. හැකි සෑම විටම දිනකට වරක් හෝ බීමට ගන්න.


යකිනාරං කොළ කැඳ, එළබටු දළු කැඳ, නිල්කටරොළු මල් තැම්බූ වතුර, පොකුරු වදමල් තැම්බූ වතුර, කබලේ බැද තම්බා ගත් ඉඟුරු කොත්තමල්ලි, වෙනිවැල්ගැට තැම්බූ ජලය ආදිය යනු තවත් හොඳ ප්‍රතිශක්තිකරණ ඔසු වන්නේය.


මී පැණි තේ හැන්දක් පමණ රාත්‍රී නින්දට පෙර බීමට හැකිනම් හොඳය. ඔබ විදේශයක සිටී නම් පහසුවෙන් Royal jelly සොයා ගතහැකිය. එය විශිෂ්ඨතම මී පැණි වර්ගය වන්නේය.
හැකිතාක් ස්වාභාවික උල්පත් ජලය එනම් ළිං ජලය පානය කරන්න. ස්වාභාවික ප්‍රතිශක්තිය උදෙසා ඉවහල් වන පඨවි ශක්තිය හා ගුරු ගුණය ඇත්තේ උල්පත් දියෙහි ය. එසේ අපහසු නම් මැටි කලයක හෝ ගුරුලේත්තුවකට ජලය පුරවා දිනකට පසු බීමට ගන්න.


කොරෝනා වසංගතය පැමිණීම අපට වැළැක්විය නොහැක. එසේ කළ හැක්කේ අප මේ මොහොතේ බාහිර ලෝකයෙන් මිදී හුදෙකලා රාජ්‍යයක් වුවහොත් පමණි. අවාසනාවකට මෙන් එසේ කිරීමට තරම් ස්වයංපෝෂිත ආර්ථික සාමාජීය රටාවක් අපට නොමැත්තේ ය. රෝගය අප කරා පැමිණියද එයට විසඳුම් සෙවීම දේශීය දැනුම් පද්දධතිය තුල අසීරුවෙන් හෝ කළ හැකි‍ය. මේ මොහොතේ කීමට ඇත්තේ එපමණක්ය. ඉවසීමෙන් බලා සිටිමු.

 Hela Art RN2020

Comments